තිසරණි ඇගේ ආදරණිය උපන් බිම වූ ගාල්ලට සමු දෙන්නේ ජිවිතයේ එක අදුරු පරිචේදකයට පසුවයි. ගාල්ල ඇගේ ජිවිතයට උරුම කලේ බලාපොරොත්තු සුන් කල වේදනාබර මතකයක්. එක උදෑසනක ගාල්ල ප්රධාන බස් නැවතුමෙන් පිටවී තිසරණි කොළඹ එන්නේ ඇගේ ජිවිත කතාව ඇගේ කෙට්ටු අතින්ම ලියාගන්නට සිතාගෙනයි.